රුහුණු කතරගම

ගණ දේවාලය

මාණික්‍ය පිල්ලේයාර් කෝවිල ලෙස හඳුන්වනු ලබන කතරගම ගණ දෙවි දේවාලය මහ දේවාලයට වම් පසින් පිහිටා ඇත. කතරගම දෙවියන්ගේ වැඩිමහල් සොහොයුරා ලෙස හඳුන්වනු ලබන ගණ දෙවියන් නුවණට අධිපති බව ජන විශ්වාසයයි. වර්මානයේ අපට දක්නට ලැබෙන මෙම ගණ දේවාලය කළු ගලෙන් නිමවා ඇති අතර එය වර්ෂ 1636 දී දෙවෙනි රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රහයෙන් ඉදි වූවකි. මෙහි පරිපාලන කටයුතු තේවානි අම්මා කෝවිලෙන් සිදු කරන අතර කතරගම ඇසළ මංගල්‍යයේ සිරිත් කිහිපයක් ම මෙම දේවාලය හා බැඳී පවතීයි.