රුහුණු කතරගම
තේවානි අම්මා කෝවිල
තේවානි අම්මා කෝවිල යෝගී භාවනා හා බැඳුනු ඉතිහාසයක් ඇති පුද බිමකි. කතරගම දෙවියන්ගේ දකුණු ඉන්දීය ප්‍රියම්භිකාව වූ තේවානි අම්මා වෙනුවෙන් නිර්මාණය වූවකි. මේ දේවාල භූමියේ ඇති වැදගත් ස්මාරක ලෙස ගුරු ආසනය, බෝගනාදර් කෝවිල, පලනි – ආණ්ඩ කෝවිල, විෂ්ණු දේවාලය හා බහිරව දේවාලය හැඳින්විය හැකිය. දෙවෙනි රාජසිංහ සමයේ දී සන්තෝෂ්පූර් ස්වාමි විසින් මේ තේවානි අම්මාන් දෙවොල ගොඩැගීමට මුල පුරනු ලදුව එය තේවානි අම්මාන් නමින් හැඳින්විය.
මෙහි යෝග වැඩූ පැරණිතම ඍෂීන් ලෙස මුතුලිංග ස්වාමි, කල්‍යාණගිරි ස්වාමි හා බෝගර්නාදර් ස්වාමිය. කතරගම ඇසළ උත්සවයේ සවැනි දින ‘අන්න කොඩිය‘ නමින් විශේෂ ධජයක් එසවීම මෙහිදී සිදු වේ.
