ඉල්මහ කාර්තික මංගල්‍යය
ස්කන්ධ කුමාරයාට වල්ලි මාතාව හමු වූ දිනය ස්මරණය කරමින් චිරාගත චාරිත්‍ර අනුව ප්‍රභුවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මංගල්‍යය පැවැත්වෙයි.
මෙහි දී සිදුකරන වත බැඳීම හා දෙවියන් වැඩමවීම නැකත් චාරිත්‍රාණුකූලව ඉටුකරති. ඇසළ මංගල්‍යය නිමා වී කපු මණ්ඩලයට හා රාජකාරි මණ්ඩලයේ සියලූම දෙනාට පොරොන්දු පඬි ලබා දී ඊළඟ වසරට නිලධාරීන් පත් කළ පසු සිදු කරන පළමු උළෙල ඉල්මහ මංගල්‍යය වේ.
මෙය අලූත් සහල් මංගල්‍යය වශයෙන් ද හින්දු සංස්කෘතියේ කාර්තිකේය වශයෙන් ද හඳුන්වයි. මින් අදහස් කරනුයේ ස්කන්ධගේ උපන් දිනය සැමරීමයි. ඒ වෙනුවෙන් හින්දු කෝවිල්වල පහන් දල්වා ස්කන්දට උපහාර දැක්වීමට හින්දු ජනතාව හුරුවී සිටිති. සෑම වසරකම දෙසැම්බර් මාසයේ මේ මංගල්‍යය පැවැත්වෙයි. මේ මංගල්‍යය පැවැත්වෙන දින කතරගම දෙවොලට අයත් දිරාපත් දෑ දිය මුදුන් තොටින් පා කිරීම ද සිදු කෙරෙයි. එක් දිනක් තුළ මේ මංගල්‍යය පැවැත්වෙන අතර, සම්ප්‍රදායානුකූල රාත්‍රී පෙරහර පවත්වා දෙවියන් ගෙවැද්දීමෙන් ඉල්මහ මංගල්‍යය නිමා කෙරෙයි.
Learn About Our
Capabilities
Phasellus et ipsum justo. Aenean fringilla a fermentum mauris non venenatis. Praesent at nulla aliquam, fermentum ligula a eget, fermentum metus. Morbi auctor sed dui et rhoncus. Lorem ipsum dolor sit amet, consectetuer elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam:
Learn To Be Sustainably Happy!
Join the Happiness Program. Experience a calm mind, reduced anxiety increased energy levels and sustainable happiness everyday!
