කතරගම දේවාල

අවුරුදු මංගල්‍යය

මෙම මංගල්‍යයේ විශේෂ ලක්ෂණයක් වනුයේ කිරි ඉතිරවීම, දෙවොලේ දොර විවෘත කිරීම, පහන් දැල්වීම, වත බැඳීම, දෙවියන් වැඩම කිරීම, නානුමුර මංගල්‍යය, දැකුම් කැඩීම හා මුරුතැන් බෑම ආදී සියලූම චාරිත්‍ර විධි නැතත් පෙරදැරිව ඉටු කිරීමයි එයට හේතුව මේ මංගල්‍යය මඟ=ල් තුලාවක් වූ බැවිනි. මෙම මංගල්‍යයට සහභායි වන බහුතරයත් බැතිමත්හු ප්‍රභුවරු වෙති.

සිංහල අවුරුදු චාරිත්‍ර අනුව වසර අවසානයේ දී නොනගතය ලැබීමට පෙර දෙවොල ඉදිපිට අංගණයේ කිරි උතුරුවා ගත වූ වර්ෂයට මෙන්ම හිරු දෙවියන්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීම මෙහි මූලික කාර්යය වෙයි.
මෙහිදී පළමුව දවුල්කාර මුහන්දිරම් තුන්විටක් දවුල හන් කරන අතර, දෙවනුව පනික්කියා ඇද්දුම් හේවිසිය නාද කිරීමෙන් අනතුරුව එළැඹෙන නැකතට අනුව ලිප ගිනි දල්වයි. ගිනි දල්වනුයේ ගබඩාකාර රාලය. ගිනි දැල්වීම වනාහි රුහුණු මහ කතරගම දෙවොලේ අවුරුදු මංගල්‍යයේ සුවිශේෂ වූ ද ප්‍රධාන වූද කාර්යයකි. විශේෂයෙන් දෙවොලේ මුලූ හතරේ දී ගිනි පෙනෙලි තැබීම තවත් චාරිත්‍රයකි. මෙහිදී ඉතිරවීමට නියමිත කිරි සකසනුයේ ඌළියම් පංගුව මගින්ය. මේ චාරිත්‍රය වනාහි පුරාණ වේදයුගවල ගිනි දෙවියා සහ හිරු දෙවියා පිදීම හා සමානය.

කිරි ඉතිරවීම

පණ්ඩිත පංගුව විසින් ගෙනෙන ලද නැවුම් මුට්ටියක් ගබඩා කාර රාලට භාරදෙනු ලැඛෙයි. ගබඩාකාර රාල රාජකාරි මණ්ඩලය පිරිවරාගෙන දහයියා තොටු පොළවෙත ගොස් පුරවා ගන්නා එම නැවුම් මුට්ටිය ගෙනැවිත් ගිනි දල්වන ලද ලිප මත තබයි. වතුර උතුරා ඒමට පළමුව ගොටු මහන පිළ හා ඌළියම් පංගුව එකතුව අත්තන කොළ යුෂ මිශ්‍ර කර පොල් කිරි සකසති. එම පොල් කිරි ලබා ගන්නා ගබඩාකාර රාල ඒවා මුට්ටියට වත්කර මද වේලාවකට පසු මුට්ටිය තුන්පැත්තේ හඳුන් පරහද ගෑමෙන් ද මිරිකාගත් පොල් මැඩි හා බුලත් ද ලිප් ගල් තුනේ තබා ඒ මත කපුරු හඳුන් කුරු දල්වීමෙන් ද ලිප තුන් පැත්තට කපුරු දමා ලිප දල්වීමෙන් ද යන චාරිත්‍ර මගින් උතුරා යැමට තිඛෙන කිරි බඳුන පේ කරයි.
මෙහි අපේක්ෂාව වනුයේ රටම, ගමට, ජනතාවට හා දෙවොලට සෞභාග්‍ය හා සමෘද්ධිය උදා කර දීමයි . සත්‍ය ලෙසම රුහුණු කතරගම දෙවොලේ වසරකට වසරක් නැකත් චාරිත්‍ර අනුව කිරි ඉතිරවීමෙන් සංකේතවත් කරනුයේ සෑම ජනකොටසක ගේම සමගිය හා උත්සාහය ඉතිර වීමයි.
මේ උත්සවය පිළිබඳව කතරගම දෙවියන්ගෙන් සංනිවේදනය වන ද්වනිතාර්ථ වන්නේ ජාතීන් අතර සුභදත්වය ගොඩ නැගීමයි. උතුරා එන කිරි පළමුව දෙවොලට ඉස දෙවොලේ දොර වසනු ලැඛෙයි. ඉනික්බිසි දෙවොලේ වැසූ දොර අසලට යන ගබඩාකාර රාල බස්නායක නිලමේ ඇතුළු කපු මණ්ඩයට හා රාජකාරි මණ්ඩලයේ සියළු බැතිමතුන්ට කිරි ඉසීමෙන් ආශීර්වාද කරයි. රුහුණු මහ කතරගම මහ දෙවොලේ මේ චාරිත්‍රයට සමගාමීව ගණ දෙවොල. තේවානි අම්න් කෝව්ල, ඊශ්වර දේවාලය වැනි දේවාලවල ද කිරි උතුරුවා දොරවල් වැසීම සම්ප්‍රදායකි.

යළිත් එදිනට යෙදෙන සුභ හෝරාවට අනුව දෙවොලේ දොර විවෘත කර. පහන් දල්වයි. ඉන්පසුව යෙදෙන නැකත් අනුව zවත බැඳීම ප්‍රධාන කාර්යයක් වන අතර, එදින තවත් සුභ හොරාවක දී දෙවියන් ඉස්සීම z ද ඉනික්බිති මංගල ඇත්හාමි පිට අලංකාරවත් ලෙස සරසා තිඛෙන වතපුටුවට කතරගම දෙවියන් වැඩම වීම ද තවත් චාරිත්‍රයකි.