ශිව දේවාලය

කතරගම දෙවියන්ගේ පියාණන් ලෙස සලකන ශිව දෙවිඳු උදෙසා කැප වුන මෙම ඊශ්වර හෙවත් ශිව දේවාලය මැණික් ගඟ අසබඩ නිර්මාණය කොට ඇත. තේවානි අම්මාගේ තොරතුරකට අනුව කතරගම දෙවියන් සොයා කතරගමට පැමිණි මුත්තුලිංග සාමි වර්තමාන ශිව දේවාල භූමියේ යෝගාවචර දිවියක් ගෙවූ අතර ඔහුගේ මරණින් අනතුරුව එම දේහය ද එහි ම භූමදානය කරන ලදී. මෙහි පැවැත්වෙන මහා ශිව රාත්‍රී පූජාව ද බැතිමතුන්ගේ අතිශය ගෞරවාදරයට පත් උත්සවයකි.

© 2026 Ruhunu Maha Kataragama Dewalaya. All Rights Reserved.

Privacy Policy