රුහුණු කතරගම

කිරි විහාරය

මෙම ස්ථානයේ පෞරානික විහාරයක් අතීතයේ පැවැති බව කියැවේ. කි‍්‍ර.ව. 642 රුහුණේ පාලක දප්පුල රජ කතරගම ගොඩනැගු විහාරය මෙයවිය හැකිබව ඉතිහාසඥයන්ගේ මතයයි. 16 වන සියවසේදී පෘතුගි‍්‍රසී ආක‍්‍රමණයකදී මෙම විහාරය සම්පූර්ණයෙන් කඩා සමතලා කරවිනාශකර බව කියවේ. 1760 දී අලූත් දෙනියේ චන්ද්‍ර ජෝතිහිමි අෂ්ඨපල බෝධිය සමීපයෙහි බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත්කර ඇත. එම විහාරය 1868 දී විශාල කර තනන ලද්දේ කිරිනැලියේ මේධන්කර හිමියන් විසිනි.

1916 දී පොලොන්මාරු වේධම්මදින්න ජිනරතන හිමියන් විසින් මෙම විහාරය නවීකරනය කර ඇත. වර්තමානයේ මෙහි හිමිකාරිත්වය කතරගම කිරිවෙහෙර රාජ මාහා විහාරස්ථානය සතු වේ. සැම දිනකම බුද්ධ පූජාව දේව පූජාවට ප‍්‍රථම මෙහි තබන අතර බස්නායක නිලමේ ඇතුලූ පිරිස පෙරහර පිටත් වීමට ප‍්‍රථම බුදුන් වන්දනා කරන්නේද මෙම කුටිය තුලය.

© 2026 Ruhunu Maha Kataragama Dewalaya. All Rights Reserved.

Privacy Policy