ඈත අතීතයේ සිට ම හෙළ සංස්කෘතියේ අනන්‍යතාවේ ජීවමාන උරුමයක් මෙන්ම මංගල ලක්ෂණයක් ලෙස දzහස්තින්Z සම්භාවනාවට ලක්ව ඇත. ශී්‍ර ලංකාවේ හීලෑ ඇතුන් පිළිබ`ද ඓතිහාසික සාදක බොහෝය. බුද්ධ වර්ෂ පළමු වන සියවසට අයත් නැගෙනහිර පළාතේ පානම් පත්තුවේ zනවලාර් කුලම්Z ප්‍රදේශයෙන් හමු වු ශිලා ලේඛනයක සදහන් වන්නේ නිළයෙන් zඇත් ආචාර්යZ නම් වු අලි ඇතුන්ගේ ප්‍රධානියා වු කුමාරයෙක් විසින් කරන ලද ආගමික පුජාවක් පිළිබ`ද සදහන එයට නිදර්ශනය. රාජසභා සංස්කෘතිය තුළ රජුට zමංගල හස්තියකුZ මෙන්ම ඇත් පන්තියක් ද සිට ඇත. සිංහල රාජවංශයේ මහනුවර පළමු වන රාජසිංහ රජතුමා අලි ඇතුන් කළමනාකරණයට zකුරුවේZ නම් වෙනම දෙපාර්තමේන්තුවක් ද කුරුවේ ලේකම්ට කෑගල්ල ප්‍රදේශයේ කළුගල නම් නින්ද ගමක් ද ලබා දී ඇත. අලි ඇතුන් ඇල්ලීම, පුහුණු කිරීම, ආරක්ෂණය කිරීම හා අපනයනය සදහා විශේෂ නිළධාරී මඩුල්ලක් පත් කර තිබුණී. එහි ප්‍රධාන නිළධාරියා zගජනායක නිළමේZනම් විය. අලි ඇතුන් ර`දවා ඇති ස්ථානය zඇත් පන්තියZ ලෙස හ`දුන්වයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංශ්‍රීසි පාලන සමයන්හි පවා ඇතුන් ඇල්ලීම, ඇත්ගාල් පවත්වාගෙන යාම සිදුකර ඇත. යුධ කටයුතු සදහා ඇතුන් පුහුණු කිරීම මෙන්ම ඇලි ඇතුන් අපනයනයද අතීතයේ සිටම සිදුවී ඇති බවට ඓතිහාසික සාක්ෂි ඇත. ඇත්ගාල් සදහා අලිරංචු සෙවීමට zබන්දෙන්නාස්Z නමින් මිනිස් කණ්ඩායමක් සිටි බවත් දහසකට අධික මිනිස් කණ්ඩායම් හතරකට ඛෙදා zහතරෙඛෙත්මරාළZ නම් අයකු යටතේ සේවයේ යොදවා ඇත. ඇත්ගාල් කටයුතු සදහා හම් කඹ සැපයීමට රොඩී කුලයට අයත් ගස් මන්දා නම් තනතුරක් ද තිබී ඇත. 1820 ගල්කඩවල ඉපැරණි ඇත්ගාලමෙන්ම එබවලපිටිය, ලබුලම, අඹන්පොළ හා පනාමුරේ ඇත්ගාල් පිළිබ`ද විවිධ ස්මරණයන් ඉතිහාසයට එකතුකර ඇත.
පෙරහැර සංස්කෘතියට පෙර සිට සදක`ඩ පහනේ කැටයම්, ඇම්බැක්කේ ලී කැටයම්, පිත්තල කැටයම් වල මෙන්ම බෞද්ධ හිින්දු ආගමික පුරාවෘත්ත, සාහිත්‍ය හා ජනප්‍රවාද ආදියේ ද නොමද අවධානයට ලක් වී ඇත. බෞද්ධ ආගමික පුරාවෘත්තවන මහමායා දේවිය දුටු සිහිනය, නාලාගිරි දමනය, ගණදෙවියන් පිළිබ`ද කතාන්දර රැසක් ද ඒ අතර වේ. කතරගම පිළිබ`ද ආරම්භක පුරාවෘත්ත සොයා බලන විට දුටුගැමුණු රජු පිළිබ`ද සදහන් වේ. ඒ සම`ග මතකයට නැගෙන්නේ zකඩොල් ඇතාZ ය. එලාර දුටුගැමුණු zවිජිතපුර සටනZ මෙනම රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් කිරීමේ උත්සවයේ සර්වඥධාතූන් වැඩමවීම කඩොල් ඇතා විසින් සිදුකළ බව මහාවංශෙයේ දැක්වේ. දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු කතරගම බලා එන ගමනේ දී කඩොල් ඇතා මියගිය බවත් කතරගම දේවාලයේ රාජකාරී කළ පිරිස බුත්තල හොරමැඩිල්ල නම් ස්ථානයේ මිහිදනA කළ බවත් ජනප්‍රවාදයේ ඇත. වර්තමානයේ ද කඩොල් ඇතාගේ දළ යුවල රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැරේ හයවන දිනයේ දේව මාළිගයෙන් පිටතට ගෙන දිය කැපීමේ චාරිත්‍රය තෙක් ප්‍රදර්ශනය කරයි.
වර්තමාන පෙරහැර සංස්කෘතියේ ශ්‍රී විභූතිය මෙන්ම ජන ආකර්ෂණය ද පෙරහැරේ ගමන් කරන හස්තීන් සතු බව අතිශෝක්තියක් නොවේ. විද්‍යාචක්‍රවර්තීන් විසින් zබුත්සරණZ ග්‍රන්ථයේ නාලාගිරි දමනය ඓතිහාසික වර්ණනය අවසානයේ එනzzඈත බැලූබැලූවන් zඅනේ æ අනේ æZ යි කියවන ඇත් රජු යැ.මෑත බැලූබැලුවන් zසාධු æ සාධු æZ යි කියවන බුදු රජානෝයැ.ZZයන වැකිය රුහුණු කතරගම මහා දේවාලයේ zවාසනාZ හස්තියා පිළිබ`ද මතක ආවර්ජනයට පුර්විකා සපයයි.
zවාසනාZ හස්තියකුට එහා ගිය විශාල භක්තිමය ජන අකර්ෂණයක් හිමි පුජනීයත්වයේ සංකේතයකි. ශී්‍ර ලාංකේය භක්තිය පෙරදැරි කරගත් පෙරහැර සංස්කෘතිය තුළ ප්‍රමුඛ රාජකාරිය වාසනා හස්තියා සතුය.zවාසනාZ කතරගම දේවාලයේ භාරකාරත්වය යටතේ සිටීම නිසා ප්‍රධාන කාර්යභාරය ලෙස කතරගම දේවාලය ආශ්‍රිතව කටයුතු කරයි. කතරගම පෙරහැරේ දේවාභරණ වැඩමවීම ට අමතරව ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම, රත්නපුර සමන් දේවාලය, අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය, කැලණිය රජමහ විහාරය, ඛෙල්ලන්විල රජමහ විහාරය, ගංගාරාමය රජමහ විහාරය ආදී ශී්‍ර ලාංකේය ප්‍රධාන පෙරහැර අවස්ථාවන් හි ප්‍රමුඛ රාජකාරිය වාසනා හස්තියා සතුය. වාසනා හස්තියා සංස්කෘතික සංකේතයකින් ඔබ්බට ගිය සංහි`දියාවේ සංකේතයකි. උඩරට පහතරට සබරගමු ආදී විවිධ ප්‍රදේශ සීමා අතික්‍රමණය කරමින් බෞද්ධ හින්දු මුස්ලිම් මෙන්ම විදේශික සංචාරකයන් ගේ ද නොමද ප්‍රසාදයට වාසනා ලක්ව සිටී.
zවාසනාz හස්තියා අනුරාධපුර දිස්ති්‍රක්කයේ කැලෑබද ප්‍රදේශයක අතරමංව සිටියදී සොයාගෙන පින්නවල අලි සංරක්ෂණාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 දී එවකට අමාත්‍යවරියක්ව සිටි විමලා කන්නන්ගර මැතිණිය විසින් රුහුණු මහා කතරගම දේවාලයට බාරදෙන ලද දේශීය හස්තියකු වීම සුවිශේෂ කරුණකි.දළදා මාළිගාවේ zමියන් රාජාZ zබුරුම රාජාZ හා zඉන්දි රාජාZ කැලණිය රජමහ විහාරයේ zකණ්ඩුලZ ආදී ඇතුන් විදේශ රට වල සිට මෙරටට ත්‍යාග වශයෙන් හිමිවු විදේශීය හස්තීන්ය.
පෙරහැරකට ඇතකු තෝරා ගැනීමට කරුණු රාශියක් සම්පුර්ණ විය යුතුය. පෙරහැරක් අලංකෘත කිරීමට අවැසි බාහිර ශරීර ලක්ෂණ වන හොදින් මනාව වැඩුණු සිරුර, තේජාන්විත හිස, මනරම් දළ යුවල, මනා උස, පුලූල් පිට හා පෙරහැරේ ගමන් කරන විට හො`ඩවැල දළ අතර ර`දවාගෙන ගමන් කිරීමේ ගුණය zවාසනාZ සතුය. එසේම සධාතුක කර`ඩුව හෝ දේවාභරණ වැනි භාරධුර කාර්යයක් හස්තියකුට පැවරෙන්නේ මංගල ශරීර ලක්ෂණ සහිත මනා තේජසින් යුත් නිසාම පමණක් නොවේ. පෙරහැර ගමන් කිරීමෙන් ලද අත්දැකීම් බහුල බව, පරිනත බව හා බුද්ධිමත් බව ද එයට බලපායි. එසේම විශාල සෙන`ගක් මැද, විවිධ හේවිසි නලා ඛෙර හ`ඩ මධ්‍යයේ පමණක් නොව ගිනි බෝල, කස හ`ඩ හා රතිඤ්ඤා හ`ඩ මැද සන්සුන් ගමනින් ගමන් කිරීමට හස්තියාගේ සංයමය හා විශ්වාසවන්ත බව ද අනිවාර්යය. නිදර්ශනයක් ලෙස 1989 පැවති කැරළිකාරී වාතාවරණය සමයේ කතරගම දේවාලයේ පෙරහැරට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම බෝම්බ ප්‍රහාරයෙන් නමදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. දේවාභරණ සම`ගින් සිටි වාසනා හස්තියා තුවාල ලැබුවද තම රාජකාරී ඉටු කරමින් දේවාලය අසලට රැදී සිටි බව පැවසේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර ඇසළ මස පැවැත්වේ. ලංකාවේ සතර දිග්භාගයේ සිට කතරගමට විවිධ ජාති කුල ආගම් වලට අයත් දහස් සංඛ්‍යාත පිරිසක්මෙම කාලයේ කතරගමට පැමිණීම සුලභ දසුනකි. යාපනේ නල්ලූර් සිට පානම හා යාල කැලය පසුකරමින් පාද යාත්‍රාවෙන් කතරගමට පැමිණීම මෙන්ම මහියංගනයේ සිට ආදිවාසී ජනයාද කතරගමට පැමිණේ. විශේෂයෙන් බෞද්ධ, හින්දු මෙන්ම මුස්ලිම් ආදී විවිධ ආගමික භක්තිකයන්ගේ භක්තිය ප්‍රමුඛ කර ගත් zසාධුZ නාදය හා zහරෝ හරාZ නාදයෙන් පිදුම් ලබන zසංහ`ිදියාවේ සංකේතයZ වාසනාය. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේතුමන් ඇතුලූ භාරකාර මණ්ඩලය zවාසනා හස්තියාZ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් හා අනුග්‍රහයක් ලබා දී ඇත්තේ මෙපමණයැයි කිව නොහැකි සෞභාග්‍යයේ සංකේතයක් ලෙස වාසනා සලකන නිසාය.
වාසනා හස්තියා පෙබරවාරි මාසයේ පමණ සිට තම මද කාලය ගත කරයි.මිනිස් වාසයෙන් ඈත්ව වෙසෙන හස්තියාගේ හිස මතට zමංගරz දෙවියන් වඩින බව පැරණි විශ්වාසයයි. ඇසළ මාසයේ යෙදෙන සුබ නැකත් අනුව හස්තියාගේ බැමි ලිහීමේ චාරිත්‍රය සිදු කරයි. පැරණි සම්ප්‍රදායන්ට අනුව නැකත් චාරිත්‍රානුකූලව කැවුම් කිරිබත් සාදා,සතර වරම් දෙවියන් උදෙසා මල්පැල ඉදිකර මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ කිරි උතුරවා zදේවතා බැස්මZ නම් ඇතුගේ බැමි ලිහිමේ චාරිත්‍ර සිදු කිරීම වර්තමානයේද දැකිය හැක. පෙරහැර රාජකාරී වලදී සුබ මුහුර්ති අනුව දේවාභරණ වඩම්මන හස්තියා විචිත්‍රවත් වස්ත්‍රයන්ගෙන් සැරසීම සිදුකරයි. පෙරහැර රාජකාරී වලට අමතරව පෙරහැර හා සම්බන්ධ අතුපන්දලම, දිය කැපීම ආදී කටයුතු වල දී ද මුලිකත්වය ගන්නේ වාසනා හස්තියාය. විශේෂයෙන් දේවාභරණ වැඩමවීමේ දී හස්තියා මත පෙරහැර භාර කපුරාල ගමන් කරන්නේ පාද එක පසකට දමාගෙනය. පෙරහැර තැනින් තැන නවතිමින් ජනයාගේ භක්තිමය ප්‍රසාදයට zවාසනාz ලක්වේ. එයට අමතරව වස් දොස් දුරු වීම හා ආශිර්වාද ලබා ගැනීම උදෙසා ඇතා ගේ බඩ යටින් රිංගීමටද බොහෝ බැතිමතුන් වාසනා හස්තියා වෙතට සමීපවේ. පෙරහැර අවසානයේ ඇතාගේ වස්දොස් දුරු කිරීමට විවිධ චාරිත්‍ර අංග හා දෙවියන්ට භාරහාර ඔප්පු කිරීම ද සිදුකරයි.මෙයට අමතරව ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදී විවිධ කලාත්මක නිර්මාණයන්ට සම්බන්ධ වීමට වාසනා ට හැකි වී ඇත්තේ ඇතා සතු මිත්‍රශීලී හැසිරීම නිසාය. මෑතක දී රූපගත කළ මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ zකදිර දිව්‍යරාජZ චිත්‍රපටය එයට නිදර්ශනය.
වාසනා හස්තියාගේ එදිනෙදා ජීවන චර්යාවේ වැඩි කාලයක් මැණික් ග`ග දියේ වැතිර සිටීම සුලභ දර්ශනයකි. වර්තමානයේ හස්ති පාලක ලෙස කටයුතු කරන්නේ අජිත් අශෝක ලියනගේ ය. ඔහු වසර විස්සකට අධික කාලයක් වාසනා ගේ හස්තිපාලක ලෙස කටයුතු කර ඇත.හෙන්ඩුවකින් තොරව ඇතා හැසිරවීමත් ඒ සදහාඅලි භාෂාව මෙන්ම සාමාන්‍ය එදානෙදා භාෂා ව්‍යවහාරය භාවිත කිරීමටවාසනා හැසිරවීමේදී දැකිය හැකි සුවිශේෂ කරුණකි. එයට හස්ති පාලක අජිත් මහතා සම`ග දීර්ඝ කාලයක් සිටීම නිසා ගොඩනැගී ඇති මිත්‍රත්වය හේතු වී ඇත.අජිත් මහතාට පෙර ඔහු ගේ පියා ද වර්තමානයේ ඔහුගේ පුතා ද වාසනා හස්තියා සම`ග කටයුතු කරයි.ඇතුන් පිළිබ`ද ශාස්ත්‍රය පරම්පරික උරුමයකි. විශේෂයෙන් පෙරහැර අවසානයේ හස්තියාගේ වස්දොස් සහ ඇස්වහ කටවහ මැතිරීම, විවිධ අසනීප තත්ත්වයන් හදුනාගෙන විවිධ වෙදහෙද කම් කිරීම හා වාසනා ගේ රුචිය පරිදි විවිධ කෑම බීම ආදියෙන් සත්කාර කිරීම පවුලේ කටයුත්තක් බවට පත් කර ගෙනඇත.
දෙව්පුර ඇතෙකී – කුඹ සහසයකී – දිගතල අටකී සත් ගැඹකී
වැව් පොකුණුදකී – සත්සිය ගැනකී – එක් පොකුණකි සිවු මලකී
සිවු මල පෙතිකී – ගැන තිස්දෙකකී – පෙත්තක නැටු කී සිවු සැටකී
ගජගා වන්නමේ එන මෙම විචිත්‍ර රූපක උපමා ආදිය පෙරහැරක විවිධ ශබ්ද රටා අතරින් තේජස් ගමනින් එන ශ්‍රී ලාංකේය හස්තීන් පිළිබ`ද වංශකතාවේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන zවාසනාZ හා සම කිරීම යුක්ති යුක්තකි.
චිරං ජයතු වාසනා æ
ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය සමන්තිකා පි්‍රයදර්ශනී
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
